ඒ සමයෙහි මේ සැම දෙනා ගේ ම ආචාර්‍යවරයා වූ ද්‍රෝණ නැමති පණ්ඩිත බමුණා ''මේ රජ දරුවෝ සියලු දෙනා ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ තැන වාද විවාද කර ගනිති. සියලු සතුන් කෙරෙහි මහා කරුණාව දැක් වූ සියලු සතුන්ට පිහිට වූ සම්මා සම්බුදුරජුන් පිරිනිවන් පෑ තැන වාද විවාද කර ගැනීම කිසිලෙසකින් වත් සුදුසු නැත. තව පමා වුව හොත් සිදු වන්නේ මහ විනාශයකි. එබැවින් වහා ම මෙය සංසිදවිය යුතු ය"යි සිතා උස් ස්ථානයකට ගොස් බණවර දෙකක් තරම් දිගු "ද්‍රෝණගර්ජනා" නම් වූ දේශනාවක් කළේය.
එහි පළමු බණවරේ එක පදයක් වත් කිසිවෙකුට නොඇසුනි. දෙවැනි බණවර අවසානයේ දී සියල්ලෝ ම "පින්වත්නි, අර අපේ ආචාර්‍යයන් වහන්සේ ගේ කටහඩ ය" යි කියා නිහඩ වූහ.
එකල්හි ද්‍රෝණ බමුණා ඉදිරියට පැමිණ "පින්වත්නි, අප බුදුන් ක්ෂාන්තිවාදී ය. ක්ෂාන්තියෙහි අනුසස් ම ලොවට දේශනා කළ සේක. එබදු උතුමන් වහන්සේ නමක ගේ ශාරීරික ධාතු උදෙසා මෙසේ අවි ආයුද ගෙන යුධ වැදීමක් වන්නේ නම් එය හොද නැත. පින්වත්නි, එබැවින් අපි එකමුතු වී සතුටු වූ සිතින් යුතුව සර්වඟයන් වහන්සේ ගේ ශරීරික ධාතු සම සේ කොටස් අටකට බෙදමු" යි කීය. "බමුණුතුමනි, එසේ නම් ඔබම ධාතු සම සේ කොටස් අටකට බෙදන්නැ" යි රජ දරුවෝ කීහ.
එකල්හි ද්‍රෝණ බමුණා රන් දෙණ අසලට ගොස් දෙණ විවෘත කළේය. රජ දරුවෝ දෙණ අසලට පැමින එබී බලා ඒ තුළ ශේෂ වී තිබූ අස්ථි ධාතු දැක මහත් වූ දුකක ට පැමින "ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පෙර අපි දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් ගෙන් බබළන රන් කදක් වැනි ඔබ වහන්සේ ගේ ශ්‍රී ශරීරය දුටුවෙමු. එහෙත් දැන් රන්වන් වූ ධාතූන් පමනක් ඉතිරි විය. ස්වාමිනි, මෙය ඔබ වහන්සේට තරම් නොවේ ය" යි කියා බැගෑපත් ලෙසින් හඩා වැලපෙන්නට පටන් ගත්හ.
ද්‍රෝණ බමුණා ධාතූන් වහන්සේලා සමසේ කොටස් අටකට බෙදයි |
රජ දරුවන් ගේ මේ ප්‍රමාදය දුටු ද්‍රෝණ බමුණා සර්වඟඳ දකුනු දළදා දෙනම ගෙන් එක් දළදාවක් ගෙණ තම ජටාව තුල සගවා ගත්තේය. අනෙක් දළදා ව බිම දමා පයින් වසා ගත්තේය. වම් උඩු දළදා ව ගෙන වස්ත්‍ර අතරේ සගවා ගත්හ.
පසුව ඔහු රන් නැලියක් ගෙන ධාතු සමසේ කොටස් අටකට බෙදුවේය. බෙදා ඉන් එක් කොටසක්
පසුව ඒ රජවරු ධාතු ගෙන තම තමන් ගේ නුවරවල් වලට ගොස් ධාතු නිදන් කර මහා ස්ථූප අටක් තනා ධාතු වන්දනා කලහ.
( ද්‍රෝණ බමුණා විසින් සගවා ගන්නා ලද ධාතූන් පිලිබද ව 'ධාඨා ධාතු ' විස්තරයෙන් දැන ගත හැක )
ද්‍රෝණ බමුණා ධාතු බෙදා අවසානයේ තමා සගවා ගත් දළදා තුන් නම නැති වී ඇති බව දැක මහත් වූ දුකකට පත් ව කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අවසානයේ රජ දරුවන් ගේ අවසරය ඇතිව ධාතු බෙදූ රන් නැළිය ගෙන එය නිදන් කර ස්ථූපයක් තැනුවේය. එය 'තුම්බ ස්තූපය' නම් විය. ධාතු බෙදා අවසන් වූ පසු පැමිනි පිප්පලී නුවර මෞර්ය රජ දරුවෝ ධාතු කිසිවක් නොලැබ බුදු සිරුර දැවූ තැනින් අගුරු කොටසක් ගෙන තම නුවරට ගොස් එය නිධන් කර ස්තූපයක් කලහ. එය 'අංගාර ස්ථූපය' නම් විය. මෙසේ ලොව මුල් වරට බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මහා ස්ථූප දහයක් දඹදිව තුළ ඉදි විය.
- මගධාදිපති අජාසත්ත මහ රජුට ත් එක් කොටසක්
- විශාලා මහ නුවර ලිච්චවී රජ දරුවන්ටත් එක කොටසක්
- කිඹුල්වත් නුවර ශාක්‍යයින්ට ත් එක් කොටසක්
- අල්ලකප්ප රට බුලී රජුන්ට ත් එක් කොටසක්
- රාම ග්‍රාම යේ කෝලිය රජ දරුවන්ට ත් එක් කොටසක්
- වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණයාට ත් එක් කොටසක්
- පාවා නුවර වැසි මල්ල රජ දරුවන්ට ත් අනෙක් ධාතු කොටස
- කුසිනාරා වැසි මල්ල රජ දරුවන්ට ත් ලබා දුන්නේය.
පසුව ඒ රජවරු ධාතු ගෙන තම තමන් ගේ නුවරවල් වලට ගොස් ධාතු නිදන් කර මහා ස්ථූප අටක් තනා ධාතු වන්දනා කලහ.
( ද්‍රෝණ බමුණා විසින් සගවා ගන්නා ලද ධාතූන් පිලිබද ව 'ධාඨා ධාතු ' විස්තරයෙන් දැන ගත හැක )
ද්‍රෝණ බමුණා ධාතු බෙදා අවසානයේ තමා සගවා ගත් දළදා තුන් නම නැති වී ඇති බව දැක මහත් වූ දුකකට පත් ව කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අවසානයේ රජ දරුවන් ගේ අවසරය ඇතිව ධාතු බෙදූ රන් නැළිය ගෙන එය නිදන් කර ස්ථූපයක් තැනුවේය. එය 'තුම්බ ස්තූපය' නම් විය. ධාතු බෙදා අවසන් වූ පසු පැමිනි පිප්පලී නුවර මෞර්ය රජ දරුවෝ ධාතු කිසිවක් නොලැබ බුදු සිරුර දැවූ තැනින් අගුරු කොටසක් ගෙන තම නුවරට ගොස් එය නිධන් කර ස්තූපයක් කලහ. එය 'අංගාර ස්ථූපය' නම් විය. මෙසේ ලොව මුල් වරට බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මහා ස්ථූප දහයක් දඹදිව තුළ ඉදි විය.
No comments:
Post a Comment