ඒ සමයෙහි මගදාධිපති අජාසත්ත මහ රජු ' භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර දී පිරිනිවන් පෑ සේකැ ' යි අසා වචනයෙන් කිව නොහැකි තරමේ මහත් වූ දුකට පත්ව කිහිප විටක් ම සිහිය නැති ව ඇද වැටී අවසානයේ නැගී සිට ' භාග්‍යවතුන් වහන්සේ ක්ෂත්රීය වූ සේක. මම ත් ක්ෂත්රීයයෙක් වෙමි. මම ත් භග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන් කොටසක් ලැබීමට සුදුසු වෙමි. මම ත් ධාතු නිධන් කර සෑයක් තනා පුද සත්කාර කරන්නෙමි ' කියා කුසිනාරා නුවර මල්ල රජ දරුවන් වෙත දූතයෙක් යැවීය.
දූත්යෙකු යවා ' ධාතු නොලැබුන හොත් බලයෙන් හෝ ධාතු ගෙන එන්නෙමි ' යි සිතා මරසෙනගක් සේ සිවුරග සේනාව පිරිවරා ගෙන කුසිනාරා නුවරට ගොස් එහි කදවුරු බැදගෙන සිටියේය.
මෙසේ විශාලා මහ නුවර ලිච්චවී රජ දරුවෝ ද කිඹුල්වත් පුරයෙහි ශාක්‍යයෝ ද අල්ලකප්පරට බුලයෝ ද රාම ග්‍රාමයේ කෝලියෝ ද වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණයා ද පාවා නුවර වැසි මල්ල රජ දරුවෝ ද ධාතු ලබා ගැනීමට තම තමන් ගේ සුදුසුකම් කියා කුසිනාරා නුවර මල්ල රජ දරුවන් වෙත දූතයින් යැවූහ. දූතයින් යවා පසුව ධාතු නොලැබේ යැයි සැකයෙන් අජාසත්ත රජු මෙන් මහා සේනාව පිරිවරා ගෙන කුසිනාරා නුවරට ගොස් එහි කදවුරු බැද ගෙන සිටියහ.
මෙසේ කිසිවෙකුටත් ඉන් පිටතට යෑමට නොහැකි වන සේ කුසිනාරා නුවර වට කර ගෙන එහි කදවුරු බැද ගෙන සිටි රටවල් සතේ රජ දරුවෝ ' අපට ධාතු දිය යුතුය. එසේ නැති නම් අප හ යුද කල යුතු ය ' යි කියා කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට දැනුම් දුන්හ.
එකල්හි කුසිනාරා නුවර මල්ල රජ දරුවෝ ' අපි අපේ නුවර දී පිරිනිවන් පානු මැනවැ' යි කියා බුදු රදුන්ට ඇරයුම් කලේ නැත. බුදුරදුන් තමන් වහන්සේ ගේ ම කැමත්තෙන් අපේ නුවරට වැඩම කර පිරිනිවන් පෑ සේක. තොපි තොපේ නුවරවල් වල උපන් රත්තරන් අපට දෙනවාද? දෙවි මිනිසුන් සහිත ලෝකයාට බුද්ධ රත්නය හා සමාන වූ වෙනත් රත්නයක් නැත. එසේ වූ උතුම් බුදු රුවන අපි නුඹලාට නොදෙන්නෙමු.
මව් කිරි බී හැදී වැඩුනේ තොපි පමනක් ද? අපිත් මව් කිරි බී හැදී වැඩුනෙමු. පිරිමි තොපි පමනක් ද? අපි ත් පිරිමි වෙමු. අවි ආයුද ඇත්තේ තොපිට පමනක් ද? අපට ත් අවී ආයුද ඇත. තොපේ කඩු පමනක් නොව අපේ කඩු ද මුවහත් ය.' යනාදී වශයෙන් මෙසේ අහන්කාර වූ මාන සහගත වූ කෝපය වඩන සුලු වූ කතා කියන්නට පටන් ගත්හ.
මේ බස් ඇසූ රජ දරුවූ ' වැඩි කථා අවශ්‍ය නැත. ධාතු නොදෙන්නේ නම් යුද්ධ කර හෝ ධාතු ලබා ගන්නෙමු' යි කියා යුධ වැදීමට සූදානම් වූහ.
ඉදින් මෙදින රජ දරුවන් අතර යුද්ධයක් ඇති වූවා නම් කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ටම ජය ලැබෙයි. ඒ කුමක් නිසා ද? ධාතු වන්දනා කිරීමට පැමිනි අප්‍රමාණ දෙවි දේවතාවන් ඔවුන් ගේ පැත්තේ සිටි බැවිනි.
No comments:
Post a Comment