භාග්‍යවතුන් වහන්සේ ගේ පාදයේ පිහිටි මහා පුරුෂ ලක්ෂණ
අප භාග්‍යවත් අරහත් සම්මා
සම්බුදුරජාණන් වහන්සේ ගේ පා සටහනට "සිරිපා සටහන" යනුවෙන් කියනු ලැබේ.
බුදුරදුන් ගේ ශ්‍රී පාද පත්මයන් සාමාන්‍ය මනුෂ්‍යයෙකු ගේ පාදයන්ට වා පැහදිලි
වෙනස්කම් වලින් යුතු වේ.
1 "සුප්පතිඨිත
පාදෝ හෝති" පාදය සමව
භූමියේ පිහිටයි.
සාමාන්‍ය මනුෂ්‍යයෙකු පාදය
තබන විට මුලින් ම විලුබ හෝ පාදයේ ඉදිරි කොටස තබයි. නමුත් සම්මා සම්බුදුරජාණන්
වහන්සේ මුළු යටි පතුල ම එකවර භූමියේ ස්පර්ශ වන ලෙස පාදය තබයි.
2 මුළු යටි පතුලම භූමියේ ස්පර්ශ වේ.
සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ
පාදය යටි පතුල වක ගැසී හිඩැසක් සහිතව පිහිටයි. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
ගේ ශ්‍රී පාද පත්මයේ යටි පතුලේ එම ප්‍රදේශයද මසින් පිරී පිහිටයි. මේ නිසා
සම්බුදුරජුන් ගේ ශ්‍රී පාද පත්මයේ යටි පතුල, පා ඇගිලි අඟ සිට විලුඹ අවසානය දක්වා මුළු යටි
පතුලම භූමිය ස්පර්ශ කරයි.
මෙම මහා
පුරුෂ ලක්ෂණ දෙක ලැබූයේ සංසාරයේ මනුෂ්‍යයෙක් වී ඉපදී සිටින විට බොහෝ
කාලයක්
* නිරන්තරයෙන් කය, වචනය, මනස යන තුන් දොරින්
සුචරිතයේ යෙදී වාසය කිරීම
* දන් පැන් දීම
* සිල්
සමාදන් වීම
* උපෝසථ සමාදන් වීම
* මවට උපස්ථාන කිරීම
* පියාට උපස්ථාන කිරීම
* ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට
උපස්ථාන කිරීම
* කුලයෙහි වැඩිහිටියන්ට
උපස්ථාන කිරීම
* නොයෙක් ආකාරයට පින් දහම් කිරීමෙන් ය.
මරණින් මත්තේ දිව්‍ය ලෝකයේ
ඉපදී අග්‍ර ආයු, වර්ණ, සැප, යසස, අධිපති භාවය ද අග්‍ර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන පංච කාමයන් ද
ලබන්නේය.
මනුලොව
ඉපිද සම්මා සම්බුද්ධත්වයට පත් වූ විට මහා පුරුෂ ලක්ෂණ දෙක ලබා අභ්‍යන්තරික ව හෝ
බාහිර ව කිසිදු සතුරෙකුට
රාගෙයෙන්
(රාග අරමුණ ක් ලබා දී),
ද්වේශයෙන්
(ද්වේශ අරමුණ ක් ලබා දී),
මෝහයෙන්
(මෝහ අරමුණක් ලබා දී)
තථාගතයන්
වහන්සේව මර්දනය කල නොහැක්කේ ය. අනතුරක් කල නොහැක්කේ ය.
**
3 මනාකොට
බෙදෙන ලද දහසක් නිම් වළලු ඇති චක්‍ර යටි පතුලේ පිහිටයි.
එම මහා පුරුෂ ලක්ෂණ ලැබූයේ සංසාරයේ මනුෂ්‍යයෙක් වී
ඉපදී සිටින විට බොහෝ
කාලයක්
බොහෝ ජනයාට සැප ලබා දී භය
තැති ගැනීම්, ශෝක, වැළපීම් පැමිණද් දි ඒවාට
මැදිහත් වී මිනිසුන් බේරා ගෙන ආරක්ෂාව සපයා සංවිධානය කරමින් දන් පැන් දීමට
කටයුතු කල නිසාවෙනි.
මනුලොව
ඉපිද සම්මා සම්බුද්ධත්වයට පත් වූ විට මහා පුරුෂ ලක්ෂණය ලබා මහා පරිවාර ලබයි.
භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා මහා පිරිවර
දේව මහා පිරිවර
නාග මහා පිරිවර
මිනිස් මහා පිරිවර
අසුර මහා පිරිවර
ගන්ධබ්බ
මහා පිරිවර
**
4 දිගු
විලුඹ
5 දිගු
ඇගිලි
6 ඍජු
සිරුර
එම මහා පුරුෂ ලක්ෂණ ලැබූයේ සංසාරයේ මනුෂ්‍යයෙක් වී
ඉපදී සිටින විට බොහෝ
කාලයක්
සතුන් මැරීම බැහැර කර සතුන්
මැරීමෙන් වෙන් වී දඩු මුගුරු බැහැර කර අවි ආයුධ බැහැර කර සතුන් මැරීමට ලැජ්ජා ඇති
ව සතුන් කෙරෙහි දයානුකම්පාවෙන් සියලු සතුන් කෙරෙහි දයානුකම්පාවෙන් යුක්තව වාසය
කිරීම නිසාවෙනි.
මනුලොව ඉපිද සම්මා
සම්බුද්ධත්වයට පත් වූ විට මහා පුරුෂ ලක්ෂණ ලබා දීර්ඝායුෂ ලබන්නේ බොහෝ කාලයක් වැඩ
සිටී. ඒ අතර කාලයේ දී කිසි දෙවියෙකුට, මාරයෙකුට, අසුරයෙකුට,... හෝ මේ ලෝකයේ කිසිවකුට තථාගත අරහත් සම්මා
සම්බුදුරජාණන් වහන්සේ ව ඝාතනය කල නොහැක.
ලක්ඛණ සූත්‍රය ශ්‍රවනය කරන්න
(දේශකයානන් වහන්සේ -අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ )
--------------------------------------------------------------------------------------------------------------------------
පදලාඤ්චන චේතිය
ලක්ඛණ සූත්‍රය අසුරෙන්
ලක්ඛණ සූත්‍රය ශ්‍රවනය කරන්න
(දේශකයානන් වහන්සේ -අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ )
--------------------------------------------------------------------------------------------------------------------------
සමනළ ගිරි මුදුනේ මුනි
සිරිපා
අප භාග්‍යවත් අරහත් සම්මා
සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වෙනි වසරේ දී මණිඅක්ඛික නරජු ගේ ඇරයුමින්
පන්සියයක් මහ රහතුන් වහන්සේලා ද සමගින් කැළණියට වැඩම කර නාරජු පිළිගැන්වූ දන් වළඳා
අන්තයෙහි සුමන සමන් දෙව් රජුගේ ඇරයුමින් මහ රහතුන් වහන්සේලා ද පිරිවරා සමනළ කදු
මුදුනට වැඩම කල සේක. වැඩම කොට කදු මුදුනෙහි වූ ඉන්ද්රනීල මාණික්‍යක් මත
තමන් වහන්සේගේ වම් ශ්‍රී පාද පත්ම සටහන පිහිට වූ සේක.
මේ මහා භද්‍ර කල්පයෙහි ලොව පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගේ ශ්‍රී පාද පත්ම සටහන් පිහිටුවා තිබුණේ ද මෙම ස්ථානයේ මය. මේ බව අඹගමු සෙල් ලිපියෙන් ද තහවුරු වේ.
කැළණි ගං මිටියාවතේ මුනි
සිරිපා සඟවා ගියේ
පූජාවලියේ සඳහන් ව ඇති
ආකාරයට අප භාග්‍යවතුන් වහන්සේ කැළණියට වැඩි අවස්ථාවේ දි නා රජුගේ ඉල්ලීමකට අනුව
කැළණි ගං පතුලට කිමිද වැඩ ශ්‍රී පාද පත්ම සටහන පිහිටුවා ඇත. කැළණි ගං පතුලේ සිරිපා
සටහනක් පිහිට වූ බව සදහන් ව තිබුනද ඊට වැඩියමක් සදහන් නොවන හෙයින් ඒ කිනම් ස්ථානය
ද කියා අද වන තුරුත් සොයා ගෙන නැත. නමුත් මේ ස්ථානය කැළණි විහාරයට නුදුරින් පිහිටි
ස්ථානයක් බව පැහැදිලිය.
අනුරාධපුරයේ අභයගිරි ස්ථූපය
තනා ඇත්තේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද සටහනක් මතය. මේ බව ක්‍රි.ව 5 වැනි සියවසට අයත් ෆාහියන්
වාර්ථාවේ සදහන් වෙයි.
පදලාඤ්චන චේතිය
ථූපාරාමය සමීපයේ ප්‍රමාණයෙන්
කුඩා ස්ථූපයක නටබුන් දක්නට ලැබේ. මේ ස්ථූපය පදලාඤ්චන චේතිය යන නමින් හදුන්වනු
ලැබේ. මෙම ස්ථූපය තනා ඇත්තේද භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සටහනක් මතය.
නර්මදා නදී හි සැගවුනු සම්බුදු
සිරිපා
සුනාපරන්ත පුණ්ණ මහ රහතන් වහන්සේ ගේ ඇරයුමෙන් අප භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් මහ රහතුන් වහන්සේලා පිරිවරා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් මවන ලද කූටාගාර වලට නැගී යොදුන් තුන් සියයක් තරම් ඈතින් පිහිටි සුනාපරන්ත දේශයට වැඩම කල සේක. වැඩම කොට එහි වූ මකුලකාරාම මහ විහාරයේ දින කිහිපයක් වැඩ සිටියහ. පසුව පුණ්ණ තෙරුන් එහි නවතා පන්සියයක් මහ රහතුන් වහන්සේලා ද සමගින් දෙවුරම් මහ විහාරය බලා අහසින් වැඩම කළ සේක. අහසින් වැඩම කරන අප භාග්‍යවතුන් වහන්සේ අතරමග දී නර්මදා නම් වූ නදී තෙරට වැඩම කළ සේක. නර්මදා නා රජු ඉදිරියට පැමිණ බුදු රජාණන් වහන්සේ ප්රමුඛ මහ සඟ රුවන මහත් වූ ගෞරවයෙන් යුතුව පිළිගෙන තම භවනට වැඩම කරවා ගෙන ගොස් නොයෙක් අයුරින් සත්කාර සංග්‍රහ කළේය. භාග්‍යවතුන් වහන්සේ නා රජුට දහම් දෙසා නාග භවනෙන් වැඩම කිරීමට සූදානම් වූහ.
තිරුපති වල සම්බුදු සිරිපා වදිම්
දකුණූ ඉන්දියාවේ පිහිටි සච්චබද්ධ පර්වතය අද "තිරුපති" නමින් හදුන් වන හින්දු වරුන්ගේ මහා පුද බිමකි, ශුද්ධ වූ ස්ථානයකි. ඒ ත් බෞද්ධයෝ ද අප ගෞතම සම්මා සම්බුදු රජුන්ගේ උතුම් සිරිපා වන්දනා කිරීමට එම ස්ථානයට යති.
එකල්හි නර්මදා නා රජු බුදුරජුන් වෙත එළැඹ "ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස අපට වන්දනා කිරීමට කුමන හෝ වස්තුවක් ලබා දුන මැනවැ" යි කියා ආයාචනා කොට සිටියේය. මහා කාරුණික අප සමිදුන් නර්මදා නදී තීරයට එළැඹ තමන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පත්මයේ සටහනක් නර්මදා නදී තීරයේ පිහිටවූ සේක. මේ සිරිපා සටහන මුහුදු රළ පැමිණි විට වැසී යයි. රළ ගිය පසු යලි විවෘත වෙයි. මේ සිරිපා සටහන බොහෝ දෙනාගේ සත්කාර ලබයි.
මෙසේ ගෞතම බුදුරදුන් නා රජුගේ ඉල්ලීමට නර්මදා නදී තීරයේ පිහිටවූ බව පැවසුව ද ඒ කුමන ස්ථානයක් දැයි කියා මෙතෙක් හදුනා ගෙණ නැත. නර්මදා නදිය ඉන්දියාවේ ප්‍රධාන නදී අතරින් එකකි.
නර්මදා නදිය |
තිරුපති වල සම්බුදු සිරිපා වදිම්
නර්මදා නදි තීරයේ ශ්‍රී පාද සටහන පිහිට වූ අප ගෞතම මුනි සමිදු පන්සියයක් රහතුන් වහන්සේලා සමග ජම්බුද්වීපයේ දකුණු පදෙසේ පිහිටි සච්චබද්ධ පර්වතයට වැඩම කළ සේක. වැඩම කොට සච්චබද්ධ මහ රහතන් වහන්සේගේ ආයාචනය මත මහා කරුණාවෙන් පර්වතය මුදුනේ වූ ඝන පාෂාණයක් මත තමන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පත්මයේ සටහනක් පිහිට වූ සේක. සච්චබද්ධ පර්වතය මත සිරිපා සටහන පිහිට වූ බුදු රජුන් සච්චබද්ධ මහ රහතන් වහන්සේ එහි නවතා අනෙක් මහ රහතුන් වහන්සේලා ද සමගින් දෙවුරම් මහා විහාරයට වැඩම කළ සේක.
දකුණූ ඉන්දියාවේ පිහිටි සච්චබද්ධ පර්වතය අද "තිරුපති" නමින් හදුන් වන හින්දු වරුන්ගේ මහා පුද බිමකි, ශුද්ධ වූ ස්ථානයකි. ඒ ත් බෞද්ධයෝ ද අප ගෞතම සම්මා සම්බුදු රජුන්ගේ උතුම් සිරිපා වන්දනා කිරීමට එම ස්ථානයට යති.