අප භග්‍යවතුන් වහන්සේ ගේ
නියපොතු වලට "නඛ ධාතූන්" යනුවෙන් කියනු ලැබේ. අප ශාස්තෘන් වහන්සේගේ
නියපොතු සිනිඳු තඹ පැහැති ය. කේශ ධාතූන් වහන්සේලා මෙන්ම නඛ ධාතූන් වහන්සේලා ද
නිධන් කර ස්ථූප තැනීම ආරම්භ වූයේ අප මුනිදුන් ජීවමානව වැඩ සිටි කාලයේ දී මය.
ඉන්දියාවේ විවිද ප්‍රදේශ වල මෙන්ම පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල් දෙකේ ද අප මුනිදුන් ගේ කේශ
ධාතූන් වහන්සේලා මෙන්ම නඛ ධාතූන් වහන්සේලා නිධන් කර තැනූ ස්ථූප පිහිටා තිබූ බව
හියුං සියං වාර්තාවේ සදහන් වේ.
අනුරාධපුර ශුද්ධ නගරයේ
"නඛා වෙහෙර" නම් වූ පුරාණ ස්ථූපයක් දක්නට ඇත. මෙම ස්ථූපය චතුරස්රාකාර
වන අතර ගඩොලින් බැද තිබේ. ස්ථූප ගර්භයේ අප මුනිදුන් වූ ගෞතම සම්මා සම්බුදු රජාණන්
වහන්සේගේ නිය ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇතැයි සැලකේ.
**මේ ධාතු ස්තූපය
කිසිවෙකු ගේ අවධානයක් නැති ව වල් බිහි වී දිනෙන් දින ම විනාශ වෙමින් පවතී.
දීඝවාපී මහ සෑය
අප තිලෝගුරු අමා මෑණී ගෞතම
සම්මා සම්බුදු රජුන් ගේ වාම ශ්‍රී හස්තයෙහි වැඩ සිටි උතුම් නිය ධාතූන් වහන්සේලා
වැඩ සිටින දීඝවාපී මහ සෑය අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. සද්ධාතිස්ස මහ රජතුමා
විසින කර වූ මෙම ස්ථූපය අතීතයේ නඛ වෙහෙර, නඛා වෙහෙර යනුවෙන් ද ප්‍රකට ව තිබුණි. මහා වංශයේ
සදහන් වන ආකාරයට අප සමිදු න් තෙවැනි වරට ලංකාද්වීපයට වැඩම කල අවස්ථාවේ දී
සමනල කඳු මුදුනේ වම් සිරිපා සටහන පිහිටුවා දිවා විහරණය කොට ඉන් පසු දීඝවාපියට වැඩම
කර පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිට ඇත.
**කල්පයකිනුත් බුදුවරුන් ගේ පහල වීම දුර්ලබය. එසේ තිබියදී ත් අප හට
පහල වූ උතුම් ම මාණික්‍ය රත්නය වන්නා වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු
රජාණන වහන්සේ ගේ උතුම් නිය ධාතූන් වහන්සේලා වැඩ සිටින දීඝවාපී මහ සෑය මේ වන විට
ගරා වැටෙමින් පවතී. හුදකලාව පවතින මේ මහා සෑය කෙරෙහි කිසිවෙකුගේ අවධානය යොමු නොවීම
මහත් වූ දුකට කරුණකි.
දැන්වත් මෙම චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු වහ වහා ආරම්භ කළ යුතුයි. නැත්නම් යාපනය වගේ බුද්ධාගම නැගෙනහිර පළාතෙනුත් අතුගෑවී යාම නොවැළක්විය හැකිය. මෙම දාගැබ තමයි ප්රබලතම බෞද්ධ සාක්ෂිය නැගෙනහිර පළාතේ...
ReplyDeleteපුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන දෙපාර්තමේන්තුව කිසිවක් නොකරන්නේ ඇයි ?
ReplyDeleteපුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන දෙපාර්තමේන්තුව කිසිවක් නොකරන්නේ ඇයි ?
ReplyDeleteඅනේ දෙවියනේ ඇයි මේ රටේ ලොක්කන්ට මේව ගැන ගානක්වත් නැත්තෙ.පුදුම වෙන්න දෙයක් නෑ...ඒ අය බුදු දහම අදහන්නෙ නමට.මේ රටේ ධාර්මික පාලකයො නෑ.
ReplyDeleteසියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි...
ReplyDeleteතාමත් පිළිසකර කරල නැද්ද මේ ස්තූප ???
ReplyDeleteඅනුරාධපුර නකා වෙහෙර බුදුන්ගේ දකුණු පාදයේ ඇති නියපොත්ත ක් නිධන් කරලා තිබෙනවා. නමුත් හරියට යන්න පාරක්වත් නැහැ. හරිම කනගාටුයි..
ReplyDelete